හුස්ම අවසන් වී
අඳුරු වී අවකාශයම
මැළවේවි තුරුවැල්
සිඳී දිය දහරා
වියලී යාවි ජීවිතයම
ඉරිතලා පුපුරාවි හදමඬල
වියෝවේ සැඩ හිරු රැසට
පිපාසිත විහඟුන්
නවතාවි ගී ගැයුම්
මැලවුන මල්පෙතිමත
මිය යාවි සමනලුන්
බලා හිඳිමි
දුර ඈත එහා
නොදන්නා රාජධානියේ
උදුරා වීසිකල
රත් කුසුම් පඳුරු ලඟ
අලෝනා…
ඔබ එනතෙක්
අවසන් හුස්ම ගනිමින්…